• Link to Facebook
  • Link to Youtube
8727 Radio Road, Houston, Texas 77075
Houston Buddhist Vihara
  • Home
  • About
    • Our Story
    • Our Bhikkhus
  • Education
    • Dhamma School
    • Children’s Other Classes
    • Sutta Study
    • Writing Workshops
    • Applied Abhidharma
    • Theravada Buddhism Classes
    • සිංහල දහම් ලිපි
    • Dhamma Articles
  • News
    • Newsletters
    • Event Calendar
    • Event List
  • Media
    • Dhamma Sermons
    • Our Bhikkhus in the Media
    • Photo Gallery
  • Contact
  • Click to open the search input field Click to open the search input field Search
  • Menu Menu

පාසැල් යන දරුවන් සිටින දෙමාපියන් වෙත

11/20/2017/in Sinhala

මෙම ඉරුදිනය නව වසරේ ප්‍රථම දහම් පාසැල් දිනයයි; සිංහල, සංගීත, සහ නැටුම් පන්ති දිනයයි. ඔබ බොහෝ දෙනෙක් දහම් පාසලේ  මෙන්ම අනිකුත් පන්ති වල ද වටිනාකම අවබෝධ කරගෙන ඇති බවට කිසිම සැකයක් නැත. මෙම කෙටි පණිවිඩය ලිවීමේ පරමාර්ථය නම් ඔබගේ එම අවබෝධය තව දුරටත් උද්ධීපනය කිරීමයි.

දහම් පාසැලට ඔබගේ දරුවෝ සහභාගී විය යුත්තේ එසේ සහභාගී නොවන සැම දරුවෙක් ම නොමග යන නිසායැයි අපි නොකියමු. දහම් පාසල් නොයන විශාල ප්‍රතිශතයක දරුවෝ ද හොදින් ඉගෙන ගනිති; හොද අධ්‍යාපනයක් ලබා, අනාගතය තහවුරු කරගනිති; නරක පුරුදු වලට ඇබ්බැහි නොවෙමින් ජිවත් වෙති.

එසේනම්, දරුවෝ දහම් පාසල් යා යුත්තේ ඇයි? ඔවුහු අප සංස්කෘතිය හැදෑරිය යුත්තේ අයි?

බොදු පරිසරයක හැදුනු වැඩුනු අපි බුදුදහමින් ලැබුණු අභාසය බෙහෙවින් ම අගය කරමු; එම අභාසය  තුලින් ගුණධර්ම සම්භාරයක් ජිවිතයට සමීප කරගැනීමට හැකි බව අපි තරයේ ම විශ්වාස කරමු. එම ගුණධර්ම තුළින් ජීවිතය මැනවින් අර්ථවත් වන බව අපි හොදින් දනිමු.

දහම්පාසල් යන සහ නොයන ළමයින් අතර ඇති වෙනස එයයි.  දහම් පාසල් යන දරුවෝ  යුතුකම් සහ වගකීම් මැනවින් දනිති; ඒවා පිළිපදිති. යම් දිනයක වැඩිහිටියන් වන ඔවුහු, ඔබ අද කරන්නක් මෙන් යුතුකම් වගකීම් ඉටු කරති; ඔබ සමග ගෞරව පෙරදැරි කරගත් දුදරු-දෙමාපිය සබදතාවයක් පවත්වාගෙන යති.

දහම් පාසල් නොයන දරුවෝ බොහෝවිට මෙරට ජනප්‍රිය සංස්කෘතියෙන් පෝෂණය වෙති. එම සංස්කෘතිය තුල බොහෝ නුසුදුසු තැන් මෙන්ම හිස්තැන් ද ඇති බව අපි දනිමු. බුදුදහමේ සහ අප සංස්කෘතියේ පෝෂණයෙන් එම නුසුදුසු ස්ථාන සුදුසු කරගැනීමටත්, හිස්තැන් මැනවින් පුරවාගැනීමත් ඔබ දරුවන්ට හැකියාව ලැබෙනු ඇත.

අදාල උදාහරණ පසුගිය  අවුරුදු 28 ක්  තුල විහාරස්ථානයේ පැවැත්ම තුල රැදී තිබේ. අඛණ්ඩව දහම් අධ්‍යාපනය ලැබූ දරුවන් දෙමාපියන් සමග රැදී, බැදී සිටිති; ආගමික සහ  සංස්කෘතික වශයෙන් බෙහෙවින් පෝෂණය වී සිටිති. එය දෙමාපියන්ට අඩම්බර වීමට හේතුවකි.

වඩාත් වැදගත් වන්නේ දරුවෝ අඛණ්ඩව, දිගුකලක් දහම් සහ සංස්කෘතික අධ්‍යාපනය ලබමින් පන්ති වලට සහභාගී වීමයි. අවාරයට අඹ වැටෙන්නාක්  මෙන්  දරුවන් පන්ති වලට සහභාගී කරවීමෙන් ඵලක් නැත. නිසි ඵල නොඅඩුව ලබාගැනීමට නම්, දරුවෝ වසර කිහිපයක් ම අඛණ්ඩ දහම් සහ සංස්කෘතික අධ්‍යාපනයක් ලැබිය යුතුය.

එම ආකාරයට දරුවන් පන්ති වලට සහභාගී කරවීම දෙමාපියන්ගේ පරම යුතුකමක් ලෙස අපි දකිමු.

 

https://www.hbvihara.org/wp-content/uploads/2017/11/13330928_1192766327430205_9069489881215147613_n.png 676 673 Janaka Silva http://www.hbvihara.org/wp-content/uploads/2025/07/Houston-Buddhist-Vihara-Logo-1-300x97.png Janaka Silva2017-11-20 10:22:182017-11-20 10:22:18පාසැල් යන දරුවන් සිටින දෙමාපියන් වෙත

දුක නැති, සුඛ පමණක් ඇති ලෝකය කොහේ පවතීද?

11/20/2017/in Sinhala

බුදුරජාණන් වහන්සේ  පහළ වූයේ දුක නැසීමටත් සැප සෙවීමටත් උත්සුක වූ විශාල පිරිසක් ජීවත් වූ සමාජයකයි. එම උත්සාහයේ නිරත වූ සමහරෙක්  ප්‍රකාශ කළේ සැප පිරි දුක නැති ලෝකය මිනිස් ලොවෙන් එපිට ඇති බවත් එම ලෝකයට ලගාවිය හැක්කේ මරණයෙන් පසු පමණක් බවත්ය. ඔවුන් තව දුරටත් ප්‍රකාශ කළේ මෙම අතමයේදී තම සිරුරට අසීමිත දුක් දීම් තුළින් පමණක් කෙනෙකුට මතු අත්මභාවයේදී සැප පමණක් ඇති දුක නැති ලොවෙහි ඉපදීමට හැකි බවයි.

එම සමාජයේ සිටි සැප සෙවූ තවත් පිරිසක් ප්‍රකාශ කළේ සැප පිරි ලෝකය පවත්නේ මෙලොවම බවයි. ඉන්ද්‍රීයයන් අසීමිත ලෙස සන්තර්පණය කිරීම තුළින්  මෙලොවදීම එම ලොව සොයාගතහැකි බව ඔවුන්ගෙන් සමහරක් කියා සිටියා. තවත් සුළු පිරිසක් විශ්වාස කළේ දුකින් තොර සැපෙන් බර දිවයිනක් වැනි පෙදෙසක් මෙම ලෝකයේම කොහේ හෝ  ඇතිබවයි. අසුපිටින් ගොස් හෝ පයින් ඇවිද එවන් පෙදෙසකට ලගාවිය හැකී බව ඒ පිරිස විශ්වාස කළා.

එක්දිනක බුදුරජාණන් වහන්සේ මුණගැසීමට පැමිණි රෝහිත නම් වූ තරුණ බමුණා එයින් තුන්වෙනි මතය දැරූ හෝ එම මතය පිළිබද උත්සුක වූ කෙනෙකි. එනම්, ඔහු අසා තිබුණේ, මෙන්ම සමහරවිට විස්වාශ කළේ ද, සියළු සැපෙන් පිරි පෙදෙසක් මෙලොව කොහේ හෝ පවතින බවයි. එම මතය සනාථ හෝ අනාථ කිරීමට උපකාරකයක් වශයෙන්, එදින ඔහු බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට පැමිණ සිටියා.

වැද නමස්කාර කිරීමෙන් අනතුරුව, රෝහිත බමුණා බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කළා:

“ස්වාමිනි, ලෝකයේ කෙළවර  දක්වා ගොස් සැපවත් ලෝකය [පෙදෙස] සොයාගැනීමට හැකියාවක් තිබේද?”

“රෝහිත, එසේ විය නොහැකියි. ලෝකයේ අන්තය දක්වා ගියත්, සැපෙන් පමණක් යුත් පෙදෙසක් සොයාගත නොහැකියි.” බුදුරජාණන් වහන්සේ පිළිතුරු වශයෙන් දේශනා කළා.

බුදුරජාණන් වහන්සේගේ වැඩිදුරටත් කළ පැහැදිළි කිරීමෙන් අනතුරුව, රෝහිත බමුණා හොදින් බුද්ධභාෂිතය අවබෝධ කරගත්තා. ඉන් අනතුරුව, බුදුමුවින් දෙසුනු පහත සදහන් වැකිය එම සමස්ථ දම්දෙසුමේ වැදගත්ම කොටසයි:

රෝහිත, එය සත්‍යයි; ලෝකයේ අන්තයට ගොස් සැපෙන් පිරි දුකින් තොර තැනක් සොයාගත නොහැකියි, නමුත් ලෝකයේ අන්තයට නොගොස් සැපෙන් පිරි දුකෙන් තොර ලෝකය [පෙදෙස] සොයාගැනීමට කිසිම කෙනෙකුට නොහැකි.

මෙම බුද්ධභාෂිතය කියවන ඔබ සමහරවිට සංකීර්ණ බවකට පත්විය හැකියි. එසේ විය හැක්කේ එම ප්‍රකාශය තුල කිසියම් ගැටුම් ස්වභාවයක් ඇති බැවිනි. ප්‍රකාශය නැවතත් කියවන්න.

සත්‍යය නම්, මෙම බුද්ධභාෂිතය තුල ගැබුරු මෙන්ම තියුණු වුත් අරුතක් ගැබ්ගෙන තිබෙන බවයි. “ලෝකය” යන වචනයෙන් උන්වහන්සේ අදහස් කළේ “පුද්ගලයා” යන්නයි. සෑම පුද්ගලයෙක්ම විශේෂ ලෝකයකි “ලෝකයේ කෙලවරට යාම” යනු තමා තුල පවත්නා චේතනා, සංකල්ප, සහ සිතිවිලි දියුණු කිරීමයි; අකුසල චේතනා මැඩගෙන කුසල චේතනා උද්ධීපනය කිරීමයි. සැපත ලැබීමේ මග එයයි.

https://www.hbvihara.org/wp-content/uploads/2017/11/13330928_1192766327430205_9069489881215147613_n.png 676 673 Janaka Silva http://www.hbvihara.org/wp-content/uploads/2025/07/Houston-Buddhist-Vihara-Logo-1-300x97.png Janaka Silva2017-11-20 10:20:492017-11-20 10:20:49දුක නැති, සුඛ පමණක් ඇති ලෝකය කොහේ පවතීද?

බරපතලම වරද නම් මිත්‍යා දෘෂ්ඨියයි.

11/20/2017/in Sinhala

“මිත්‍යා දෘෂ්ඨිය” යනු බුදු දහමෙහි පැහැදිළි ලෙස සාකච්චා කර ඇති යෙදුමකි. භාවිතයට අනුව, “දිට්ඨි” “මිච්ඡදිට්ඨි,” සහ “දිට්ඨිගත” යන සියලුම පාලි වචන  වලින් පැහැදිළි කෙරෙන්නේ එකම අදහසකි: එනම් මිත්‍යා දෘෂ්ඨිගත වීමයි.  මෙම යෙදුම කෙතරම් පැහැදිලි ලෙස පාලි බුදුදහමෙහි විස්තර කර තිබුනද, එහි  සැබෑ අර්ථය සමහරෙක් නිවැරදි ලෙස නොදකී. එම අවිද්‍යාව යනු “බුදුදහම නිසිලෙස නොදැකීම” යන්නයි.  මිත්‍යා දෘෂ්ඨිය යන යෙදුම පිළිබද නිවැරදි දැනුම කෙතරම් අත්‍යවශ්‍ය දැයි කිවහොත්, එම දැනුමෙන් තොර පුද්ගලයා කිසිසේත්ම නියම බෞද්‍යයෙකු නොවේ.

බුදුරජාණන් වහන්සේ “මිත්‍යා දෘෂ්ඨිය” පැහැදිළි කර දී ඇති ආකාරයට පෙනී යන්නේ, උන්වහන්සේ එයින් අදහස් කළේ පුද්ගලයෙකු “පුහු වූත්, මිනිස් සිතින් පමණක් නිර්මිත වුත් මතයක් තුල මනසින් ඇළි ගැලී සිටීම” යන්නයි. එය පුහු මතයක් වන්නේ, එහි සත්‍යතාවය කිසි සේත්ම සනාථ කිරීමට නොහැකි බැවිනි. නමුත් එම මතය දරන්නා එය සැබවින්ම සත්‍ය බව තරයේම විශ්වාස කරයි; තරයේම කියා සිටියි. ඔහු හෝ ඇය “මෙයම සත්‍යයයි; අන් සියල්ල අසත්‍යයි” (ඉධමෙව සච්චං මොඝමඤ්ඤo) යයි පුනපුනා සිතයි; පුනපුනා කියයි. එවන් මතයක් දැරීම යනු සැබෑ මිත්‍යා දෘෂ්ඨියයි.

අධිකතර මිත්‍යා දෘෂ්ඨියට වර්තමාන උදාහරනයක්:

විශාල පිරිසක් ඝාතනය කර තමාගේ ද දිවි නසාගැනීම ඉතාමත් යහපත් ක්‍රියාවකි. කුමක් නිසාද යත්: තමාගේ ස්වර්ඝගත වීමට එය මහෝපකාරී වන බැවිනි.

මධ්‍යතර මිත්‍යා දෘෂ්ඨියට  වර්තමාන උදාහරනයක්:

මම හැම දිනකම දණගසා බුදුන් වැදිය යුතුයි. කුමක් නිසාද යත්: ඊලග ආත්මය සැපවත් වියහැකි බැවිනි.

(සැප පතා නොව ගරු කිරීමක් වශයෙන් පමණක් බුදුන් වැදියයුතු බව ඔබ දන්නවා විය යුතුයි.)

කුමක් මිත්‍යා දෘෂ්ඨිය ඇති කරයිද?

මිත්‍යා දෘෂ්ඨිය මෝහ මුලික කොට ඇත. මෝහය යනු, බුදුදහමට අනුව, මනසින් අන්ධ වීමයි. එම මානසික තත්වය ඇති පුද්ගලයාගේ ප්‍රධානම ලක්ෂණය වන්නේ අදාල කරුණ සම්බන්ධව ඔහු හෝ ඇය තුල කිසිම විචාරශීලි චින්තන ශක්තියක් නොතිබීමයි; එම පුද්ගලයාගේ මොලය එම මාතෘකාව විෂයෙහිදී සම්පුර්ණයෙන්ම සේදී ගොස්ය. පුදුමය නම් එවන් පුද්ගලයෙකුට වෙනත් ශේස්ත්‍රයකදී විශේෂ චින්තන ශක්තියක් තිබියහැකි වීමයි. නමුත් මෝහයට පාත්‍ර වූ විෂයය පිළිබද චින්තන ශක්තිය සම්පුර්ණයෙන්ම විනාශ වී ගොස්ය.

මෝහ මුලිකව මිත්‍යා දෘෂ්ඨිගත වීමට හේතු:

  1. ආගමික, සාමාජික මෙන්ම දේශපාලක නායකයන් තුළ ද හුදෙක්ම පුද්ගලික වූ අභිමතාර්ථ තිබේ. එහෙත් එම පරමාර්ථ සවන්දෙන්නාට විශේෂයෙන්ම අදාළ වන ආකාරයෙන් ඉදිරිපත් කිරීමට ඔවුන්ට විශේෂ හැකියාවක් තිබේ. ඔවුන්ගේ චතුර කථිකත්වය මෙන්ම දැකුම්කලු බවද සවන්දෙන්නාගේ අතිශය විශ්වාශය දිනාගැනීමට හේතු වේ.

වාග් ශක්තිය යොදා, හිට්ලර් සිදුකළේ එයයි; වර්තමාන ත්‍රස්තවාදී නායකයෝ ද සමහර දේශපාලකයෝ ද කරන්නේ එයයි; 1993 වසරේදී ටෙක්ශාස් හි වේකෝ නගරයේදී අනුගාමිකයින් අසූ ගණනක් සමග මියගිය ඩේවිඩ් කොරේෂ් සිදුකලේ එයයි. ඔහු සුදනෙක් යැයි ලස්සණට මවා පෑ කෙනෙකි; එහෙත් ඔහු බරපතළ අපරාධකාරයෙකි. බොහෝ අබුවන් සමග ජීවත්වීම ඔහුගේ පරමාර්ථය විය. එහෙත් ඔහු එය ලෝකයට දුන්නේ වෙනත් විදිහකට ය. පුදුමය නම් ඔහු කියූ දෙය ඇසු සමහරු අන්ධව ඔහු අනුගමනය කිරීමයි. ඔවුහු එසේ කළේ මෝහයෙන් මුලාවී මිත්‍යා දෘෂ්ටික වූ බැවිනි.

  1. නායකයෝ මානසික රෝගීන්ය; එසේ හෙයින්, තම මිත්‍යා දෘෂ්ටිය නියම සත්‍යයක් යැයි ඔවුහු විශ්වාස කරති. ඔවුන්ගේ කථිකත්වය සහ වෙනත් හැකියාවන් හේතුකොට ගෙන, අසන්නා ඔවුන් විශ්වාස කිරීමට පෙළබෙයි; අතිශයින්ම විස්වාශ කිරීමට පෙළබෙයි.

ඉතාමත් උචිත උදාහරණයක් නම් 1998 වසරේදී මාර්ෂල් ඇපල්වෛට්‌ නැමැත්තා විසින් සැන් දියාගො නගරයේ නිවසකදී තමාද ඇතුළු අනුගාමික පුද්ගලයින් 39 දෙනෙක් සිය දිවි නසාගැනීමට පෙළබවිමයි. ඔහු ඔවුන්ගේ ජීවිතය සම්පුර්ණයෙන්ම පාලනය කළේය. ඔහුගේ ඉගැන්වීම වුයේ තම අනුගාමිකයන්ද සමග ලෝක විනාශයට පෙර ඔහු දෙව්ලොව යායුතු බවයි. අවාසනාවන්ත ලෙස, ඒ සමයේදීම දින ගානක් තිස්සේ වල්ගා තරුවක් දිස්විය. අහෝ මිසදිටු බවේ තරම! එම වල්ග තරුව දේව යානාවක් යැයි විශ්වාස කළ ඔහු එහි නැගී ස්වර්ගයට යාමට සිතා අනුගාමිකයන් ද සමග සියදිවි නසාගත්තේය.

ඔහු ගැන සත්‍යය දැනගන්නා  විට සියල්ල සිදුවී අවසානය. සත්‍යය නම් ඔහු මානසික රෝගියෙකි; කිහිප වතාවක් ම මානසික ආරෝග්‍ය ශාලා වල නැවතී සිටි කෙනෙකි.

  1. අනුගාමිකයින් කැලබුනු, නොසන්සුන්, නොදියුණු, සෝඛබරිත, සහ රැවටීමට පහසුවෙන් භාජනය වන සිත් වලින් යුත් පිරිසකි.

මෙවන් සිත් වලින් යුත් පිරිස රැවටීමට පහසුවෙන්ම පාත්‍ර වන අයයි. එල්ලීමට කොක්කක් සොයමින් සිටින පිරිස අල්ලාගැනීමට පහසුම යයි. කොක්කේ එල්ලී එහාට මෙහාට පැද්දෙන ඔවුහු එය සැපතක් යයි සිතති. සමහරු ජීවිතයේ පරාජිතයන්ය. තවත්  සමහරෙක් මරණයෙන් පසු හොදම තැනට යාමට බලාපොරොත්තුවෙන් සිටින වුර්ධිගත පිරිසයි. මිත්‍යා දෘෂ්ඨිය වනාහි ඔවුන්ට ඉතා ප්‍රනීත පෙත්තකි. එම පෙත්තේ ශක්තිය මොලයට වැදුණු විට, පුද්ගලයාට විශේෂ සහනයක් ලැබේ. එම සහනය ඔහු හෝ ඇය නිරතුරුවම අගය කරයි.

  1. මිත්‍යා දෘෂ්ටියෙන් මිදිමිට පුද්ගලයින්ට ඔවුන්ගේ සමාජය උපකාරක නොවේ.

සමහර සමාජයන් මෙන්ම රටවල්ද විවර වී නැත. එනම්, එම සමාජයන් විශ්වාස කරන්නේ එකම සත්‍යය පමණකි. එයින් පිට කිසිවක් එම සමාජයන් තුල නැත. ආගම, ආගමික පොත්, සාමාජික විශ්වාස, සහ පුද්ගල භාශිතයන්ද යොදා එම සමාජයන් විසින් මිනිසා පැරණි මත වල බැද දමා තිබේ. එසේ වූ විට, මිත්‍යා දෘෂ්ටියෙන් මිදීමට ජනතාවට නොහැකි වෙයි. ඔවුහු මුළු ජීවිත කාලය තුලම ගැබුරු දිය ළිදක ජීවත් වන මැඩියන් වෙති.

ඇතිවීමට හේතුව කුමක් වුවද, මිත්‍යා දෘෂ්ඨියෙන් මිදීම වනාහි අත්‍යවශ්‍ය අවශ්‍යතාවයයි. බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළ සේක:

මිත්‍යා දෘෂ්ඨිය තරම් විශාල වෙනත් පාපකර්මයක් මම නොදකිමි. සියලුම පපකර්මයන්ට වඩා  මිත්‍යා දෘෂ්ඨිය බරපතලය. (අංගුත්තර නිකාය 1)

මිත්‍යා දෘෂ්ඨියෙහි දරුණු බව පෙන්වීමට, උන්වහන්සේ භාවිතා කළ වචනය නම් “මහාසාවජ්ජ” යන්නයි. එවන් කර්ම පහක් බුදුදහමෙහි ඇත. එනම්, ආනන්තර්ය පාපකර්ම පහයි. ඉහත දැක්වූ බුද්ධ භාෂිතයට අනුව, මිත්‍යා දෘෂ්ඨිය වනාහි ආනන්තර්ය පාපකර්ම පහටත් වඩා බරපතල පාපකර්මයකි. මෝහමුලික මිසදිටු බව සියලුම පාපකර්මයන්හි ශ්‍රේෂ්ඨාධිපති වේ.

මොහොතක් සිතන විට, බුදුරජාණන් වහන්සේගේ එම දේශනාව කොතරම් සත්‍ය දැයි ඔබට තේරුම් යනු ඇත. සියලුම පාප චේතනාවන් සහ පාපකර්ම පැලවී එන්නෙත් දසත ශාඛා විහිදා වැවී එන්නෙත් මෝහ මුලික මිසදිටු බව පෙරදැරි කරගෙනයි.

එබැවින්, මිත්‍යා දෘෂ්ටිය පිටුදැකීමට නිරතුරුවම උත්සුක වෙමු. මුලික වරද නිවැරදි කළ විට, අන් සියල්ල ඉබේම නිවැරදි වේ.

 

https://www.hbvihara.org/wp-content/uploads/2017/11/13330928_1192766327430205_9069489881215147613_n.png 676 673 Janaka Silva http://www.hbvihara.org/wp-content/uploads/2025/07/Houston-Buddhist-Vihara-Logo-1-300x97.png Janaka Silva2017-11-20 10:17:452017-11-20 10:18:48බරපතලම වරද නම් මිත්‍යා දෘෂ්ඨියයි.

බුදුරජාණන් වහන්සේ මිනිසෙකු නොවේ.

11/20/2017/in Sinhala

“බුදුරජාණන් වහන්සේ කවරෙක්ද?” යනු නිතර ඇසෙන ප්‍රශ්ණයකි. බුදු දහමට නවක සමහරෙක් උන්වහන්සේ දෙවි කෙනෙක්යයි කියති; තවත් සමහරෙක් උන්වහන්සේ මිනිසෙකුයයි කියති. කවරෙකු කෙසේ කීවද, බුදු වදනට අනුවම ප්‍රකාශ කළහොත්, එම කිසි පිළිතුරක සත්‍යතාවයක් නැත. පහතින් දක්වන බුද්ධ භාෂිතය එය සනාථ කරයි:

එක දිනක, දිගු මාර්ග ගමනක් අතරතුරදී, බුදුරජාණන් වහන්සේ විවේක සුවයෙන් සුළු වෙලාවක් ගත කිරීමට තීරණය කළා. ඒඅනුව, මහමග අසල පිහිටි නිසල ස්ථානයක් දැක, උන්වහන්සේ එහි තිබු මනරම් රුකක් මුල වැඩසිටියා.

ඒ අතර, එම මාර්ගයේම ගමන් කළ දෝන නම් වූ එම ප්‍රදේශයේ ප්‍රභූ බමුණෙක් විවේක සුවයෙන් වැඩසිටි බුදුරජාණන් වහන්සේ දුටුවා. දැක සමීපයට පැමිණි ඔහු, බුදු රජාණන් වහන්සේගේ විශේෂ ලක්ෂණ දැක, උන්වන්සේගෙන් ප්‍රශ්ණ කිහිපයක් ඇසීමට තීරණය කළා.

ඔහු ඇසු පළමු ප්‍රශ්නය නම් ඔබතුමා දෙවිකෙනෙක්ද යන්නයි. ඔහු එසේ ඇසුවේ බුදුරජාණන් වහන්සේගේ සුවිශේෂ ලක්ෂණ පිරික්සීමෙන් පසුවයි.

“බමුණ, මම දෙවි කෙනෙකු නොවෙමි,” බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා.

එසේනම්, ඔබ ඝන්ධර්වයෙක් දැයි ඔහු ඊළගට ඇසුවා. එයට පිළිතුර වුයේ ද, “නැත, මම ඝන්ධර්වයෙක් ද නොවෙමි” යන්නයි.

සියලු ප්‍රශ්ණ වලටම තමා එවැන්නෙක් නොවේ යයි පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේගෙන් දෝන බමුණා අවසානයේදී ඇසුවේ, “එසේනම් ඔබ මිනිසෙක් ද?” යන්නයි.

ඔහු තව දුරටත් විශ්මිත කරවමින්, එම ප්‍රශ්නයට ද බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නේ, “නැත, මම මිනිසෙකුද නොවෙමි,” යනුවෙනි.

“‘මම දෙවියෙක් නොවේ; මම ඝන්ධර්වයෙක් නොවේ; . . . . මම මිනිසෙකුත් නොවේ’ යයි ඔබ කියයි. එසේනම්, ඔබ කවරෙක්ද?”  දෝන බමුණා බුදුරජාණන් වහන්සේගෙන්  අවසානයේදී ඇසුවා. පිළිතුරු වශයෙන්, බුදුරදුන් මෙසේ දේශනා කළා:

“බමුණ: නෙලුම් හෝ මහනෙල් මලක් මඩ සහිත ජලයෙහි ඉපදුනත්, එම මඩ මිශ්‍ර ජලයෙහි නොසිට, එය ඉක්මවා සිටියි; ඒ අයුරින් ම, මම ද, මිනිස් ලොව මිනිසෙකු වශයෙන් ඉපිද, පොදු මිනිස් ගතිය ඉක්මවා සිටිමි [ලෝභය, ද්වේශය, සහ මෝහය ජයගෙන සිටිමි]. එබැවින්, මම මිනිසෙකු නොවෙමි.”

(අංගුත්තර නිකාය  11: 4.1.4.6)

බුදුරජාණන් වහන්සේ මිනිසෙකු වශයෙන් ඉපිද මිනිස්බව ඉක්මවේ ගිය පමණක් නොවේ; උන්වහන්සේ ජනතාවට ද එසේ මිනිස් බව තරණය කිරීමට මග පෙන්වා දුන් සේක. බුදුරජාණන් වහන්සේ යනු බුදුරජාණන් වහන්සේම මිස අන් කිසිවෙකුත් නොවේ.

https://www.hbvihara.org/wp-content/uploads/2017/11/13330928_1192766327430205_9069489881215147613_n.png 676 673 Janaka Silva http://www.hbvihara.org/wp-content/uploads/2025/07/Houston-Buddhist-Vihara-Logo-1-300x97.png Janaka Silva2017-11-20 10:02:302017-11-20 10:15:56බුදුරජාණන් වහන්සේ මිනිසෙකු නොවේ.
Search Search

Tags

2017 (11) 2018 (103) 2019 (22) abhidhamma (4) Bhante Upananda (15) blessings (3) Buddhism (18) Class (32) Dance (30) Dhamma (37) dhamma talk (22) events (9) food (5) fun (5) gallery (5) habits (8) healthy eating (8) January (5) July (4) katina (14) Meditation (20) monthly (11) Music (28) news (14) Newsletter (40) new year (14) Photo (6) pictures (5) program (9) Saturday (15) school (26) Sil (11) sinhala (32) Study (15) Sunday (26) Sutra (9) sutta (6) Theravada (18) Vassa (28) vesak (7) video (12) vihara news (30) vihara programs (59) Vipassana (9) weekly (29)

Latest News

  • HBV Newsletter – May 202106/15/2021 - 9:33 pm
  • HBV Newsletter – March 202106/15/2021 - 9:30 pm
  • HBV Newsletter – February 202106/15/2021 - 9:27 pm
  • HBV Newsletter – December 202001/01/2021 - 10:28 am
  • HBV Newsletter – October 202001/01/2021 - 10:19 am

Interesting Links

  • Attanagalla Raja Maha Viharaya
  • Austin Buddhist Center
  • Dharma Vijaya Buddhist Vihara

Signup for Vihara Newsletter

Copyright 2017-2025 Houston Buddhist Vihara. all rights reserved - Enfold Theme by Kriesi
  • Link to Facebook
  • Link to Youtube
Scroll to top Scroll to top Scroll to top